Please continue discussion from Village with a mesh network, but not a single telephone, on this thread.
Previous discussion is archived in the following thread: Village with a mesh network, but not a single telephone
Please continue discussion from Village with a mesh network, but not a single telephone, on this thread.
Previous discussion is archived in the following thread: Village with a mesh network, but not a single telephone
9 Comments
TechnoVillage
The computer is a powerful tool for a country.
Mahavilachchiya
Visit http://www.i-gov.org/index.php?article=2100&visual=1&subject=216
Mahavilachchiya
Please click the following links to watch a wonderful video clip on Mahavilachchiya’s mesh Internet project.
English Version http://www.youtube.com/watch?v=qSNrD6lYfTI
Sinhala Version http://www.youtube.com/watch?v=sVW2QJ1zF1I
You can also access the two clips from http://www.horizonlanka.org
senthil maree
wireless meshing being a significantly cheaper alternative to connect rural communities than laying cables makes this a wise move.
but when will they issue the local VOIP licences?
Mahavilachchiya
You can see a lot of video clips about Mahavilachchiya by clicking on http://www.youtube.com/results?search_query=mahavilachchiya&search=Search
MV on Silumina
Visit http://www.silumina.lk/2007/10/21/_art.asp?fn=as0710211 for the original page.
වැව් බැඳි රටේ සිට සක්වළ තරණය කළ දරුවෝ
වැව් බැඳි රාජ්යයේ දිවිගෙවන ඔවුන් එදා සිටම පුරුදුව සිටියේ කුඹුරු හා හේන් ගොවිතැනෙන් දිවි රැක ගැනීමටය. හේනේ වැටෙන් එහා ජීවිතයක් ගැන එදා ඔවුහු සිහින නොමැවූහ. හේන රැකගෙන බවභෝග විකුණා ලැබෙන තුට්ටු දෙකෙන් එදා වේල සරිකරගෙන දරුවන්ට අකුරක් ඉගැන්වීම ඔවුන්ගේ සිහිනය විය. ඒ එදාය. විල්පත්තු මහා රූස්ස වනයෙන් වටවුණු මේ ගම්පියස අද වැටකඩොලු මායිම්වලින් ඔබ්බට ගොස් මුළු මහත් ලෝකයා සමඟම සබඳතා පවත්වයි. කලක් මහා නගරවල දූ පුතුන්ට පමණක් සීමාවී තිබු ඉංගිරිසිය අද ගම සිසාරා ගොස් එගම දරුවන්ගේ දැනුම පුළුල් කර ඇත්තේය.
අනුරාධපුරයෙන් කිලෝමීටර් 40 ක් ඔබ්බෙන් වූ මහවිලච්චිය නම්වූ මේ ගම්පියස අද මුළු මහත් ලෝකය සමඟම සබඳතා පවත්වන පරිගණක ගම්මානයක් හෙවත් ඊ-ගම්මානයක් (e-village) බවට පත්වී ඇත්තේය. එගම මේ තත්ත්වයට ගෙන ඒමට පුරෝගාමී වූ නියමුවා එම ගමෙන් ම බිහිවූ අයෙකි. ඔහු නන්දසිරි වන්නිනායක ය. කුඩා කල සිට ම මහවිලච්චිය ගමේ හතරමායිම් හොඳින් හැඳින ගැමියාගේ හද ගැහෙනා රාවය පසක් කරගත් ඔහු මේ ගමෙන් ඔබ්බට පා තබන්නට නම් ඉංගිරිසිය නැතිවම බැරි දෙයක් බව වටහා ගත්තේය. එතැන් සිට ඔහුගේ අදිටන වූයේ තමන් ඉගෙන ගත් දෙය තම ගමේ දරුවන්ට දී ඔවුන් ද ලෝකයා හා සම්බන්ධ කරලීමය.
රජයේ ඉංගි්රසි උපගුරු පදවියක් ලැබ 1997 වසරේදී මහවිලච්චිය ගමේම පාසලකට මුල් පත්වීම ලැබ පැමිණි දා සිට ම ඔහු කළේ තම ගමේ හැදෙන වැඩෙන පරපුරට ඉංගි්රසි භාෂාව කියා දීමය.
“ගම්වල ඉගෙන ගත්තාම රස්සාවක් සොයා ගන්න තියෙන ලොකුම අමාරුව තමයි ඉංගි්රසි නොදන්නාකම. මේ ගැන දරුවන් දැනුවත් කර ඔවුන්ගේ ඉංගි්රසි අධ්යාපනය නැංවීමට කටයුතු කළා. ඔවුන් දිරිමත් කිරීම සඳහා අත් අකුරින් ලිවූ ඉංගි්රසි බිත්ති පුවත්පතක් ‘හොරයිසන්’ නමින් ආරම්භ කළා. මෙතෙක් ආ මගේ ආරම්භය එයයි.
පසුව මේ පුවත්පත අතින් ලියා පොටෝ කොපි ගසා හැම තානාපති කාර්යාලයකටම තැපැල් කළා. එදා පොටෝ කොපි ගහන්න අපි අනුරාධපුරේටම ආවා. මේ පුවත්පතට ප්රතිචාර දක්වමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ළමයින්ගේ ඉංගි්රසි අධ්යාපනය වැඩි දියුණු කරන්න පරිගණකයක් පරිත්යාග කළා. පාසලට ලැබුණු මේ පරිගණකය තමයි අප ලද මුල්ම පරිගණකය. තනිවම මෙයින් ඉගෙන ගනිමින් මං ළමයින්ටත් ඉගැන්වූවා. දරුවන්ගේ ඉංගි්රසි දැනුම දියුණු වුණා. ඉංගි්රසි සාමාර්ථ වැඩි වුණා. මේ අතරේදී මං ගුරු සේවයෙන් අයින් වුණා. ඉන්පසු ගමේ වැඩිහිටියො මගෙන් ඉල්ලීමක් කළා ගෙදර ඉඳන් හරි ළමයින්ට ඉංගි්රසි ටික උගන්වන්න කියලා. ඒත් ගෙදර ඉඩ නැහැ. මං වත්තෙ ගහක් යට ඉඳන් ළමයින්ට ඉගැන්වීම ආරම්භ කළා.
අපේ පුවත්පත ගැන තොරතුරු වෙබ් අඩවියකින් දුටු ජපන් ජාතික යුවළක් අපට පරිගණකයක් පරිත්යාග කළා. මෙය තමයි අපේ ගමට ලැබුණු දෙවැනි පරිගණකය. දරුවන්ට ඉංගි්රසි උගන්වන ගමන් මං පරිගණක භාවිතය ගැනත් දරුවන්ට ඉගැන්වූවා.
මේ අතරතුර තවත් පාවිච්චි කළ පරිගණක කීපයක් අපට ලැබුණා. දැන් මේවා තියන්න ගෙදර ඉඩ නැහැ. ඒ අතරෙදි ආධාර ලෙස ලද මුදලකින් අපි ගමේ පරිගණක විද්යාගාරයක් හදන්න අත්තිවාරම් දැම්මා. මේ ගැන තොරතුරු වෙබ් අඩවි මඟින් දැකලා අපට තවත් උදව් ලැබුණා.” යැයි වන්නිනායක මහතා පවසයි.
ගමේ දරුවන් බියක් සැකක් නැතිව ඉංගි්රසි බස හසුරුවන විට පරිගණක භාවිත කරන විට ඉන් අහිංසක සතුටක් වින්දේ මේ දුෂ්කර ගම්මානයේ මවුපියන්ය. පරිගණක තාක්ෂණය ගමට ලැබෙද්දී ඒ හරහා ලොව සමග සම්බන්ධවීමට මේ ගමට බාධාවක් වූයේ විදුලිය තිබුණත් දුරකථන පහසුකම් නොතිබීමය. එම නිසාම වෙබ් අඩවිවලට පිවිසීමටත් ඊ-මේල් පණිවිඩ එවීමටත් ඔව්හු එකල කොළඹටම පැමිණියහ. 2004 අවසාන වන විට ගමේ දරුවන්ගේ නැණ නුවණ පෑදීමට පැමිණි බි්රතාන්ය ජාතික යුවතියකගේ මවුපියන්ගේ පරිත්යාගයක් මත ගමට අක්කර දෙකහමාරක ඉඩමක් සහිත දෙමහල් පරිගණක විද්යාගාරයක් ලැබිණි. ගමට ඒ පරිත්යාගය කළේ ලොවිනා චාල්ස් නමැති බි්රතාන්ය ජාතික කාන්තාවකි.
මහවිලච්චිය ගමේ දරුවන් සහ තරුණ පිරිසගේ පැතුම් මල්ඵල ගනිමින් ඔවුනට ලොව හා සම්බන්ධ වීමේ අවස්ථාව ඉන්පසු සැලැසිණි. ලෝකයේ නොදුටු නොඇසූ දේ ගැන මේ දුෂ්කර ගම්මානයේ දරුවන් පරිගණක හරහා දැනුවත්වීම ඇරැඹුණේ ගම්මානය පුරා සවිකෙරුණු කුලුනු හතක් හරහාය. ලංකාවේ පළමු වරට රැහැන් රහිත අන්තර්ජාල පහසුකම් ලද ගම්මානය වනුයේ මහවිලච්චිය ගම්මානය ය. ඒ සඳහා යොදාගත් තාක්ෂණය වූයේ මෙෂ් තාක්ෂණයයි. කුලුනු ඉදිකර ගැනීම සඳහා මුදල් සෙවීමට ගමේ දූ දරුවන් ද වෙහෙස වූහ.
අන්තර්ජාල පහසුකම් ලැබීමත් සමග ලෝකය හා තව තවත් සම්බන්ධ වූ මේ දරුවන්ට පළාතේ දුෂ්කරතාවය නිසා නිතර පරිගණක විද්යාගාරයට එන ගමන දුෂ්කර වූයෙන් ඔවුන්ගේ නිවෙස්වලටම පරිගණක හා අන්තර්ජාල පහසුකම් ලබාදීමට තීරණය කෙරුණේ මේ අතරතුරය. ‘ඩිජිටල් බටර්ප්ලයි’ ලෙසින් නම් කෙරුණු මේ වැඩසටහන යටතේ සීමිත මුදලක් ගෙවා පරිගණකයක් ගෙදරට ම ලබාගැනීමේ අවස්ථාව සැලැසිණි. ගමේ පරිගණක විද්යාගාරයෙන් ලැබෙන දැනුම උපයෝගී කරගෙන ළමයි නිවසේ සිටම පරිගණකය හරහා දැනුම සොයා ගියහ. ඒ ඔස්සේ තව තවත් ශිල්ප ඥානය ලැබ ගත්හ. මේ වන විට මහවිලච්චිය ගම්මානය පුරා පරිගණක 50 ක් පමණ වෙයි. ඉන් 15 ක් පමණ ලැප්ටොප් පරිගණකය.
“දැන් අපේ ගමේ තරුණ ළමයි මේ පරිගණක දැනුම නිසා ගෙදර සිටම මුදල් උපයනවා. සමහර දරුවන් පාසල් යන අතරවාරයේ කොළඹ මෘදුකාංග සමාගම් හා සම්බන්ධ වෙමින් වෙබ් අඩවි නිර්මාණය කර මුදල් උපයනවා. වර්තමානයේ සැවොම කොළඹින් රස්සා සොයන විට අපේ ළමයි ගමේ තම මවුපියන් හා රැඳෙමින් තම දැනුමට සරිලන සේ ආදායමක් ලබනවා. ඉස්සර මේ වගේ ගම්මානවලින් එන අයව එතරම් ගණන් ගත්තේ නැහැ. ඒත් අද අපේ දරුවන්ට ලැබෙන රැකියා අවස්ථා එමටයි. මේ වගේ ව්යාපෘති ලංකාව පුරා ව්යාප්ත කරනවා නම් තරුණ ශ්රමයෙන් නිසි ප්රයෝජන ගත හැකියි” යැයි වන්නිනායක මහතා පවසයි.
ගමට ආ පරිගණක තාක්ෂණයෙන් නිසි ප්රයෝජන ගත් මහවිලච්චියේ මන්නාරම් හන්දියේ පදිංචි ඉරේෂා දිල්හානි පරිගණක දැනුම ලබාගත්තේ පාසලේ 6 වැනි ශ්රේණියේදීය. දැන් ඇය උසස් පෙළ විභාගයට පෙනී සිට පරිගණක තාක්ෂණය පිළිබඳ වැඩිදුර ඉගෙනීමට පෙරුම් පුරන්නීය. වෙබ් අඩවි නිර්මාණය කරමින් වැඩිදුරටත් පරිගණක දැනුම දියුණු කරගන්නා ඇය ඉඩ ලද හැම විටෙකදීම අම්මා අප්පච්චි සමග ගොවිතැන් වැඩවලට ද උදව් වෙන්නීය.
රනුක උදයංග අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්ර මහ විද්යාලයේ අ.පො.ස. උසස් පෙළ හදාරයි. ඔහු ද පරිගණකයකට මුලින් ම අත් තැබුවේ 6 වැනි ශ්රේණියේදීය. මහවිලච්චිය වැනි දුෂ්කර ගම්මානයක වෙසෙමින් ඔහු සිය අධ්යාපනයට අවශ්ය සියලු බාහිර දැනුම ලබාගන්නේ පරිගණකය මඟිනි. ඒ හැරුණුවිට රටවල් කීපයකම සිටින යහළුවන් සමග ඔහු තොරතුරු හුවමාරු කරගනියි.
මහවිලච්චිය ගම්මානයේ ඇතැම් ගොවීහු සිය බවභෝග විකුණා ගැනීම සඳහා අවශ්ය වෙළෙඳපොළ පිළිබඳ තොරතුරු තම දරුවන් මඟින් පරිගණක තාක්ෂණය ඔස්සේ ලබාගැනීමට දැන් හුරුවී සිටිති.
සමහරු පුවත්පත වෙනුවට එදිනෙදා තොරතුරු ලබාගන්නේ පරිගණකය හරහාය. ගමේ දරුවන්ට නියමුවන් ලෙස ඉදිරියට යෑමට අවශ්ය පරිසරය දැන් හොඳින් සැකසී ඇත්තේය.
විලච්චිය පේමඩුවේ පදිංචි හංසි සුමේධා කරුණාරත්න විලච්චිය සිද්ධාර්ථ මහා විද්යාලයේ එකොළොස්වැනි ශ්රේණියේ ඉගෙනුම ලබන්නීය. ඇගේ මවුපියෝ ගොවිතැන් බත් කර දිවි ගෙවති. පාසල් වැඩවලට පරිගණකය භාවිත කරන හංසි වෙබ් අඩවි නිර්මාණය ඉගෙන ගනී.
මෙවන් දරුවෝ අද මහවිලච්චිය ගම්මානය පුරා වෙසෙති. වැව හා බැඳුණු ජීවන රටාවකට උරුමකම් කිවූ මේ වැව් බැඳි රාජ්යයේ දූ දරුවෝ අද එහි සිටම සක්වළ තරණය කර ඇත්තාහ. ගමේ ගොවි ගෙවල්වල තරුණයෝ අද සිදාදියේ දරුවන් මෙන් හරිහරියට ඉංගි්රසි බස වහරති.
සියල්ල තම දෙපා ළඟට එනතුරු බලා නොසිට ස්වශක්තියෙන් නැඟී සිටීමට වෙර දරනා මේ තරුණ කැළ මුළු මහත් රටට ම ආඩම්බරයකි.
(තොරතුරු සපයා ගැනීමට උදව් කළ මහවිලච්චිය ප්රධාන පොලිස් පරීක්ෂක කපිල අබේනායක මහතාට අපගේ ස්තුතිය.)
සේමාලි කැල්ලපත
Tikka
අපේ පුවත්පත ගැන තොරතුරු වෙබ් අඩවියකින් දුටු ජපන් ජාතික යුවළක් අපට පරිගණකයක් පරිත්යාග කළා.
Donald,
Is tht u? Since whn u bcame japanse?
ගමට ඒ පරිත්යාගය කළේ ලොවිනා චාල්ස් නමැති බි්රතාන්ය ජාතික කාන්තාවකි.
is ths lady British or of Sri Lnkan orign?
Donald Gainitillake
I am a Sri Lankika National
Donald
Nandasiri Wanninayaka
Dear Tikka and Mr Gaminitilleke,
Question 1
Let me explain. The journalist interviewed me and stating that “the couple who helped MV was Japanese” seems a mistake which was done by the journalist without any malice. (When the Gaminitillekes first learnt about Horizon, they were in Japan. http://www.horizonlanka.org/media/dailymirror/index.htm )
We didn’t have much time for the interview and within a short time, the journalist had to do a long story. What I feel is, she is a good writer. Everyone makes mistakes and I don’t think Mr. and Mrs. Gaminitilleke would be offended as there had been similar mistakes in the press when it comes to names and places in the past. Once my name itself was “changed” by a journalist. I think it is high time all journalists are provided with digital recorders so that they could listen to the content and correct the mistakes before the text goes to the print.
Correct me if I am wrong, but I have heard that late Mr J R Jayawardene didn’t allow any journalist to interview him if the former’s pre-condition, which is not to publish the article before showing it to him when it is ready for the print, is met by the relevant journalist. This has been done by late Mr Jayawardene to avoid any ambiguity or miscommunication I hope.
I don’t think we should impose such a “curfew” on poorly equipped, yet good journalists in a country like ours. Journalists do their work with limited resources and we have to appreciate that.
Question 2
is ths lady British or of Sri Lnkan orign?
Well, this generous lady is of Sri Lankan origin. In the past few years people from various nationalities have helped Horizon Lanka.
Play Learn Vote: Training Community Leaders to Build Resilience Against Election Misinformation
LIRNEasia developed Play Learn Vote, an interactive educational game designed to strengthen democratic participation while building resilience against election-related misinformation. The game introduces players to Sri Lanka’s electoral process through realistic scenarios that promote critical thinking, informed decision-making, and responsible civic participation.
Request For Proposals: Sri Lanka Educational Technology Survey
LIRNEasia is inviting proposals from qualified research organisations to develop a study on Sri Lanka’s Educational Technology (EdTech) landscape. The study aims to examine the current state of EdTech adoption, innovations, and the enabling and constraining factors across Sri Lanka’s education system, while assessing how educational decision-makers perceive and use EdTech and data systems.
Protecting Children Online: What is Missing from Sri Lanka’s Proposed Bill?
In an article published in the Daily FT on 30 June 2026, Attorney-at-Law and LIRNEasia Researcher Sachini Ranasinghe examines the Private Member’s Bill proposed by Opposition MP Faiszer Musthapha, which seeks to restrict social media access for children under the age of 16 in Sri Lanka. She argues that the key question is not whether children need stronger protection online, but whether Sri Lanka is proposing the right solution and has undertaken the groundwork necessary to make such legislation effective.
Links
User Login
Themes
Social
Twitter
Facebook
RSS Feed
Contact
9A 1/1, Balcombe Place
Colombo 08
Sri Lanka
+94 (0)11 267 1160
+94 (0)11 267 5212
info [at] lirneasia [dot] net
Copyright © 2026 LIRNEasia
a regional ICT policy and regulation think tank active across the Asia Pacific