Rebuilding telecom infrastructure after disaster: Resilience or building back better?


Posted on January 8, 2026  /  0 Comments

In an article published on 31 December 2025 in the Daily FT, LIRNEasia Chair Professor Rohan Samarajiva highlights how the Ditwah disaster exposed major vulnerabilities in telecom networks. He emphasizes that numerous telecom sites across the country were affected, leaving many districts without mobile or data services for days, which restricted access and delayed restoration efforts.

Professor Samarajiva questions whether post-disaster telecom infrastructure rebuilding should aim for mere resilience or true “building back better.” Resilience, which means restoring networks to pre-disaster conditions, may simply repeat failures. Building back better, he emphasizes, requires treating telecom infrastructure as critical and addressing the root causes of failure.

“Sri Lankans are said to be resilient. Resilience is getting back to where things were before the disaster. But then the same failures would recur with next disaster. Building back better remedies the causes of failure, reducing the likelihood of failure next time. Sri Lankans are not well known for building back better.

Building back better requires analysis of what went wrong in the Ditwah disaster and remedying those faults.”

Read the full article in the Daily FT.

ලර්න්ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ ඉහත ලිපිය සිංහල භාෂාවෙන් The Leader පුවත්පතේ 2025 දෙසැම්බර් 30 වන දින පලවී ඇත. මෙම ලිපිය මගින් ඔහු දිට්වා ව්‍යසනය හේතුවෙන් විදුලි සංදේශ ජාලවලට සිදුවූ හානිය සහ අනාගත අවදානම සාකච්ඡා කරයි.

දිට්වා ව්‍යසනයෙන් පසු විදුලි සංදේශ ජාල නැවත ගොඩනැගීමේදී ප්‍රමුඛත්වය විය යුතුයේ හුදෙක් ඔරොත්තු දීමේ හැකියාවද (resilience), එනම් ව්‍යසනයට පෙර තිබූ තත්වයට නැවත පැමිණීමද ද යන්න ඔහු ප්‍රශ්න කරයි. එසේත් නැත්නම්, වඩා හොඳින් නැවත ගොඩනැගීම (building back better) මගින් කලින් අසාර්ථක වීමට හේතු වූ කරුණු සඳහා පිළියම් යෙදීමෙන්, ඊළඟ වතාවේ අසාර්ථක වීමේ සම්භාවිතාව අඩු කරගැනීම මීට වඩා ප්‍රමුඛ විය යුතු නොවන්නේද යන්න මහාචාර්ය සමරජීව මහතා මෙම ලිපිය තුළින් ඉස්මතු කරයි.

“ශ්‍රී ලාංකිකයන් ඔරොත්තු දෙන (resilient) ජනතාවක් බව කියනු ලැබේ. ඔරොත්තු දීමේ හැකියාව යනු ව්‍යසනයට පෙර තිබූ තැනට නැවත පැමිනීමයි. නමුත් ඊළඟ ව්‍යසනයේ දී එම අසාර්ථකත්වයන් නැවත සිදුවනු ඇත. වඩා හොඳින් නැවත ගොඩනැගීම (building back better) මගින් අසාර්ථක වීමට හේතු වන කරුණු වලට පිළියම් යෙදීමෙන්, ඊළඟ වතාවේ අසාර්ථක වීමේ සම්භාවිතාව අඩු කරයි. වඩා හොඳින් නැවත ගොඩනැගීම ගැන ශ්‍රී ලාංකිකයන් ප්‍රසිද්ධ නැත.

වඩා හොඳින් නැවත ගොඩනැගීම සඳහා දිට්වා ව්‍යසනයේ සිදුවූ වැරදි විශ්ලේෂණය කර එම දෝෂ නිවැරදි කිරීම අවශ්‍ය වේ.”

The Leader පුවත්පතේ පළවූ මෙම සම්පූර්ණ ලිපිය කියවීමට මෙතැනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*