DigitalTransformation Archives — LIRNEasia


  කෘත්‍රිම බුද්ධිය ලෙසින් පොදු සමාජය බැලූ බැල්මට හ¾දුනා ගන්නේ සංවර්ධිත රටවල දියුණුවේ අග්‍රඵලයකි. එහෙත් ආර්ථික අර්බුදයක කරවටක් ගිලුණු ශ්‍රී ලංකාව වැනි රටකට කෘත්‍රිම බුද්ධියෙන් ළඟා කරගත හැකි වාසි සුළුපටු නොවේ. මේ, ඒ සම්බන්ධයෙන් ලංකාවේ කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනයට රාජ්‍යමය මැදිහත්වීමේ කොටස්කරුවකු වන ලර්න් ඒෂියා ආයතනයේ දත්ත විද්‍යා කණ්ඩායම් ප්‍රධානි මර්ල් චන්දන මහතා සමඟ කළ සාකච්ඡාවකි.   කෘත්‍රිම බුද්ධිය ගැන සරල තාක්ෂණික නිර්වචනයකින් අපි කතාව පටන්ගමු? කෘත්‍රිම බුද්ධිය ගැන නිර්වචනයක් විදිහට ගත්තොත් කාටත් තේරෙන විදිහට මිනිස් මොළය පාවිච්චි කර කරන ක්‍රියාකාරකම් පරිගණක හරහා කෙරෙද්දී අපට ඒකට කෘත්‍රිම බුද්ධිය කියන්න පුළුවන්.